Tuesday, March 19, 2024.

ක්ලොරින් වායුව අග්‍රහනය වීමේන් 2ක් රෝහලට

Share

ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවහන මණ්ඩලය යටතේ පාලනය වන මස්කෙලිය ජල සම්පාදන මණ්ඩල කාර්යයාලයේ ක්ලොරින් වායුව අග්‍රහනය විම නිසා එම මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙකු මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කළ බව මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ටිරොන් රත්නායක මහා පැවසිය.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ මස්කෙලිය ජල සම්පාදන කාර්යයාලයේ කළමණාකාරවරයා සහ එහි තවත් සේවකයෙකු බවයි මස්කෙලිය පොලිසිය පැවසුවේ.

අද (18) උදැසන 10.30 ට පමණ එම කාර්යයාලයේ සේවකයෙකු පාරිභෝගිකයන්ට ලබාදෙන ජලය පිරිපහදු කිරිම සදහා ක්ලොරින් අඩංගු ගෑස් සිලින්ඩරයක් මාරු කිරිමට යාමේදි එම සිලින්ඩරයේ ගෑස් කාන්දු විමක් සිදු වි ඇත.

ගෑස් කාන්දු විමත් සමග ජල සම්පාදන මණ්ඩලයේ කාර්යයාලය අවට පදිංචිකරුවන් දැනුවත් කර එම මාර්ගයේ ගමන් ගන්නා ජනතාව වෙනත් විකල්ප මර්ගවල යැවිමට මස්කෙලිය පොලිසියේ නිලධාරින් කටයුතු කර තිබුණි.

ගෑස් කාන්දු විම නිසා ජල සම්පාදන මණ්ඩලය අවට ගස් කොලන් වල පැහැයද වෙනස් වි තිබු අතර, ජල සම්පාදන මණ්ඩලය අවට පදිංචිකරුවන්ට කාන්දු වු වායුව අග්‍රහනය විමේ අවධානමක් තිබු නිසා නිවාස වල ජනෙල් දොරවල් වසාගෙන සිටින ලෙසට පොලිසිය විසින් ප්‍රදේශවාසින් දැනුවත් කිරිමක්ද සිදු කර තිබුණි.

ක්ලොරින් වායුව කාන්දු විම නිසා ස්වසන අපහසුතා ඇති වු බව මස්කෙලිය ජල සම්පාදන මන්ඩල කාර්යයාල අවට පදිංචිකරුවන්ද කියා සිටියි.

කාන්දු වු ක්ලොරින් වායුව සහිත සිලින්ඩරය යථා තත්ත්වයට පත් කිරිම සඳහා ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවන් කටයුතු කර ඇති බවයි මස්කෙලිය පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

Read more

Local News