Tuesday, March 19, 2024.

ජනනාත් වරකාගොඩ ඇප මත මුදා හැරේ

Share

කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් කාන්තාවක් මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීන සංගීතඥ ජනනාත් වරකාගොඩ මහතා ඇප මත මුදා හැර තිබේ.

මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු මුදල් ඇප හා ශරීර ඇප මත මුදා හැර ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය 12 වනදා උදැසන කිරිල්ලවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික මාරුව හරහා ගමන් කළ කාන්තාවක් මෝටර් රථයට ගැටී මියගොස් තිබුණු අතර සිද්ධියට අදාළව එම මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ ජනනාත් වරකාගොඩ මහතා කඩවත පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් අතර මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කීරීමෙන් අනතුරුව අද(18)  දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Read more

Local News