Tuesday, March 19, 2024.

ලක් විජය ගල් අඟුරු බලාගාරයේ අක්‍රිය වූ දෙවන ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

Share

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ අක්‍රිය වූ දෙවන ජනන යන්ත්‍රයේ තාක්ෂණික දෝෂය නිවැරදි කර අවසන් බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත්  අද (19) දිනයේ ද විදුලිසැපයීමේ බාධා සිදුවිය හැකි බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේය.

ඊයේ (18) පෙරවරුවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අදාළ ජනන යන්ත්‍රය අක්‍රිය විය.

එහිදී පද්ධතියේ සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ඇතැම් ප්‍රදේශවලට  පස්වරුවේ විටින් විට විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබුවේය.

Read more

Local News