වික්ටෝරියා ජලාශයේ පල්ලේ මාඔය අසල ඇති කක්කුටු මඩිත්ත රක්ෂිත ප්‍රදේශයේ තිබියදී තලාතුඔය පොලීසිය විසින් නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.
ප්‍රදේශවාසියෙක් තම ගවයා සොයා රක්ෂිත ප්‍රදේශයේ ගමන්කරමින් සිටියදී මෙම මළසිරුර දැක පොලීසිය දැනුවත් කර තිබෙන බවටයි සඳහන් වන්නේ.
අදාල පුද්ගලයා මියගිය ආකාරය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැත.
තලාතුඔය පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා පිළිබද මෙතෙක් කිසිදු අනන්‍යතාවක් හෙළිවී නොමැති බවයි.




 
                                    