“භූ අභිමානි” හරිත හරසර ප්‍රණාම උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Share

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මඟින් පරිසර හිතකාමී දේශයක් බිහිකරනු උදෙසා සංවිධාන කරන ලද “භූ අභිමානි” හරිත හරසර ප්‍රණාම උළෙල 2019 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සතු ඛනිජ සම්පත අවභාවිත කිරීම මැඬලීම මගින්, පතිරසර හෙටක් – සංවර්ධිත රටක්, ගොඩනැඟීම උදෙසා මහත් කැපවීමෙන් හා පරිශ්‍රමයෙන් යුතුව තම දේශය වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් ඛනිජ සම්පත් ආරක්ෂා කිරිමෙහිලා සහ පරිසරයේ පොදු සුභ සිද්ධිය උදෙසා සිදු කරනු ලැබු මහඟු සේවය අගය කරමින් නිලධාරින් වෙත ජනාධිපති ප්‍රශංසා සම්මාන පිළිගැන්වීම මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු විය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අනන්‍යතාව තහවුරු කරනු වස් නිර්මාණය කරනු ලැබූ භූ විද්‍යා ධජය එළිදැක්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

Read more

Local News