මඩකලපුවේ හර්තාල්

Share

මඩකලපු නගරයේ ව්‍යාපාරකයින් අද(19) හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. ඒ මඩකලපු දිස්ති‍්‍රක්කයේ අතුරුදහන් වුවන් සොයා දෙන ලෙස ඉල්ලමිනි.

කල්ලඩි පාලම අසලින් ආරම්භ වූ විරෝධතා පා ගමන මඩකලපුව මහත්මා ගාන්ධි උද්‍යානය දක්වා ගමන් කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ සිට ඔවුන් විරෝධතාවයේ නිරත වූ බවයි වාර්තා වන්නේ.

සියලු වෙළඳසැල් සහ පොදු ස්ථාන වසා දමමින් ක්‍රියාත්මක කර ඇති මෙම හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා ද අඩාල වී ඇත.

එම ප‍්‍රදේශය පුරා දැඩි කළබලකාරි තත්වයක් ද පවතින බවට වාර්තා වෙයි.

Read more

Local News