සරසවි සිසු විරෝධතාවයක් – පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

Share

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට දී සරසවි සිසු විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වෙයි.

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් අද(19) කොළඹ, කොටුව දුම්රිය පොළ ආසන්නයේ දී පස්වරු 1.00 ට ආරම්භ විය.

සබරගමු විශ්වවිද්‍යාලීය බඳවා ගැනීම් කප්පාදුවට විරෝධය පා මෙම පා ගමන සංවිධානය කර තිබුණි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් කොළඹ වොඩ් පෙදෙස හා ටවුන් හෝල් ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් ද පවතින බව වාර්තා වෙයි.

Read more

Local News