අතුරුදහන්ව සිටි සිසුවෙකුගේ මළ සිරුරක් ගල් ගුහාවකින් හමුවෙයි

Share

දින පහක් තිස්සේ නිවසින් අතුරුදහන්ව සිටි පාසල් සිසුවෙකුගේ මළ සිරුර ඔහු පදිංචිව සිටි නිවසට ඉහළින් වු ගල් ගුහාවක් මත තිබි ඊයේ(19) පස්වරුවේ සොයාගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය.

ගල් ගුහාවේ තිබි මෙසේ සොයාගනු ලැබුවේ නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ පදිංචි කාවින්ද මදුසංඛ නැමති 17 හැවිරිදි සිසුවෙකි.

මාපකන්ද විදුහලේ අ.පො.ස සා.පෙළ පෙනි සිට ප්‍රතිඵල අපෙක්ෂාවෙන් සිටි මෙම පාසල් සිසුවා දින පහක් තිස්සේ අතුරුදහන්ව ඇති බව එම සිසුවාගේ දෙමාපියන් විසින් නාවලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය විසින් ප්‍රදේශවාසින්ගේ ද සහයෝගය මත ප්‍රදේශය පුරා මෙහෙයුමක්ද දියත් කර තිබුණි.

ඊයේ පස්වරුවේ නාවලපිටිය මාපකන්ද ප්‍රදේශවාසින් ඔහු පදිංචිව සිටි නිවසට ඉහළින් ගල් ගුහාවක් පරික්ෂා කිරිමේදි එම ගල් ගුහාව තුළ අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර හමු වි ඇති බවයි නාවලපිටිය පොලිසිය පැවසුවේ.

අභිරහස් ලෙස මිය ගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News