දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගිරුම් සහිත වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි.

දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් උතුරු සහ නැගෙනහිර පළාත්වල උදය කාලයේදී ද වැසි ඇති විය හැකිය.

සමහර ස්ථානවලට විශේෂයෙන් බස්නාහිර, සබරගමු, දකුණ සහ ඌව පළාත්වල පැය 24 ක් තුළ මි.මී.75 – 100 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවත් ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද වැඩිදුරටත් එම දොපර්තමේන්තුව පෙන්වා දෙයි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read more

Local News