බස් රථ දෙකක් එකිනෙකට ගැටී අනතුරක් – 6කට තුවාල

Share

කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ කලා ඔය ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් අද(21) උදෑසන 11.45ට පමණ අනතුරක් සිදු වී තිබේ.

සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවටයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ තුවාලකරුවන් අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතළ බවට වාර්තා වෙයි.

රාජංගනය පොලීසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News