ගල්කිස්සේ ගණිකා නිවාස 3ක් වටලයි

Share

ගල්කිස්ස, ගාලු පාර, රත්මලානේ යන ලිපිනයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන ගණිකා නිවසයක් වටලා තිබේ.

ඊයේ(21) සවස මෙම වැටලීම සිදු කර ඇත්තේ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට කරන ලද තොරතුරක් මත ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මතයි.

එහිදී ගණිකා නිවාසයේ කළමණාකරණය කිරීම සඳහා සිටි එක් කාන්තාවක් හා ගණිකා වෘත්තියේ යෙදී සිටි සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට පත් ව තිබේ.

මොවුන් වයස අවුරුදු 25,34 හා 36 යන වයස්වල පසුවන තණමල්විල හා අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියන් බව අනාවරණය වී තිබේ.

මේ අතර, ඊයේ සවස 2 ට පමණ ගල්කිස්සේ තවත් ස්ථානයක පවත්වාගෙන ‍ගිය ගණිකා නිවාසයක් අධිකරණ ‍වරෙන්තුවක් මත සෝදිසි කර තිබේ.

එහිදී ද ගණිකා නිවාසය කළමනාකරණය කරමින් සිටි එක් කාන්තාවක් හා ගණිකා වෘත්තියේ යෙදීමේ අරමුණින් සිටි තවත් සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ සවස 3 ට පමණ ගාලු පා‍ර, රත්මලාන ප්‍රදේශයේ දී තවත් ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පැවැත්වු ගණිකා නිවාසයක් පොලීසියෙන් වටලා තිබේ.

ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එක් සැකකාරියක් හා ගණිකා වෘත්තියේ යෙදීමේ අරමුණින් සිටි තවත් කාන්තාවක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 32 හා 39 වන වියේ පසුවන පන්නිපිටිය හා රාගම යන ප්‍රදේශවල පදිංචිකාරියන් බව අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට පත් සියලූම සැකකාරියන් අද(22) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැඩිදුර පරීක්ෂණ ‍ගල්කිස්ස පොලීසිය මෙහෙයවයි.

Read more

Local News