බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ 5ක් කොටුවෙයි

Share

බගවන්තලාව ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී කැණීම් සඳහා උපයෝගීකර ගත් උපකරණ කිහිපයක්ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ඕපනායක, රත්නපුර හා දඹුල්ල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 27, 29, 36, 37 සහ 45 යන වයස් වල පසුවන බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News