කැබ් රියක් ගිනි ගැනීමෙන් පුද්ගලයෙක් මරුට

Share

මොණරාගල හොරොම්බුව සුදුවතුර ආර මාර්ගයේ කැලෑබඳ ප්‍රදේශයකදී කැබ් රථයක් ගිනිගෙන එහි ගමන් කළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 50 ක් වු මොණරාගල ප්‍රදේශයේ පදිංචි චන්දන පුෂ්පකුමාර නැමැත්තෙකු බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

ඊයේ(21) දින සවස බිරිඳ සමඟ ආරවුලක් ඇති කර ගෙන කැබ් රථයකින් මෙම පුද්ගලයා නිවසින් පිටව ගොස් ඇති බවට වාර්තා වේ.

මෘත ශරීරය මේ වන විට කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබෙන අතර රත්ගම පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News