කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ක්‍රියාවට නංවයි

Share

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද(22) ක්‍රියාවට නංවනු ලැබීය.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයක් මවුස්සාකැලේ ජලාශයට ඉහළින් අඩි 8000 ඉහළින් වු වලාකුළුවලට ඉහළින් කෘතිම වැසි අති කිරිම සඳහා ගුවන් යානයෙන් රාසායනික ද්‍රව්‍යයක් ඉහින අයුරු අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුණි.

ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ කටුනායක ගුවන් තොටුපොලේ සිට අද උදසැන ගුවන් ගත වු වයි12 ගුවන් යානයෙන් මවසුසාකැලේ ජලාශයට ඉහළින් අඩි 8000 ඉහළින් වු වලාකුළු මතින් පියාසර කර විනාඩි 45 කාලයක් කෘතිම වැසි ඇති කිරිම සඳහා වලාකුළු මත රාසායනික ද්‍රව්‍යය මුදා හැර ඇති බවයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් මත තායිලන්තයේ සිය මෙරටට පැමිණි විශේෂ ඉංජිනේරුවන් පිරිසක් කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය ක්‍රියාක්මක කරනු ලැබීය.

1980 වසරේද කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතියක් සාර්ථකව සිදු කර ඇති බවයි විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු කියා සිටියේ.

ශ්‍රි පාද කදුවැටියට ඉහළින් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට ඉහළින් වු පැහැපත් වලාකුළු ගුවන් යානය මගින් රසායනික ද්‍රව්‍යය ඉසිමෙන් අනතුරුව කළු පැහැයක් ගන්නා අයුරු අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වී තිබේ.

Read more

Local News