වරාය, ගුවන්තොටුපල නිවැරදිව සංවිධාන කළහොත් ආර්ථිකය ශක්තිමත් කළ හැකියි

Share

මෙරට වරාය හා ගුවන්තොටුපල නිවැරදිව සංවිධාන කළහොත් මෙරට ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ආර්ථිකයේ ගුරුත්ත කේන්ද්‍රය ඇත්තේ අද වන විට ඉන්දියානු සාගරයේ බවත්, එහි මධ්‍යයේ ලංකාව පිහිටා තිබීම අනෙක් කවර හෝ රටකට නොමැති බලගතුම දෙයක් බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

වරාය හා ගුවන් තොටුපලවල් නිවැරදිව සංවිධානය කර ගැනීමෙන් රටටම ගොඩ යා හැකි බවත්, අපේ රට සතුව ඇති භූගෝලිය පිහිටීමෙන් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නොමැති බව ද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News