යාං ඔය ව්‍යාපෘතියේ වැඩ සියයට 75ක් අවසන් බව හැරිසන් කියයි

Share

”යාං ඔය ” ව්‍යාපෘතියේ වැඩ කටයුතු සියයට 75%ක් අවසන් බවත් ඉදිරි යල කන්නය සඳහා ජලය ලබාදීමට යාං ඔය විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අද(22) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසී ය.

අපි හැමෝම එකතුවෙලා රට කෘෂිකාර්මික අතින් ශක්තිමත් කරගැනීමයි ඉලක්කය. කෘෂිකර්මාන්තයට මෙවර අයවැයෙන් මුදල් වෙන් වී නෑ කියනවා. මිලියන 43141 ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලැබී තිබෙනවා.

වස විසෙන් තොර ආහර නිෂ්පාදනය ගැන ආණ්ඩු ගණනාවක් සාකච්ඡා කෙරුණා. තාමත් එය කෙරෙනවද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. මෙක්ට්‍රික් ටොන් 4000කට වැඩිය කෘෂි රසායන වර්ග ගේනවා. මේවා ආහාර සමඟ මුසු වෙනවා. රසායනික පොහොර වෙනුවෙන් වසරකට මෙක්ට්‍රික් ටොන් ලක්ෂ 12කට වඩිය රටට ගේනවා. කෘත්‍රිම පොහොර වර්ග නිසා විෂ අධික සංඝටක පොළොවට එකතු වෙනවා. වස විසෙන් තොර ආහාර ගැන සැළකිලිමත් විය යුතුයි. තමන්ගේ ගෙවත්තේ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කළ හොත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබාගත හැකියි. ඒ අභියෝගයට මුහුණ දෙන්න අප සියලු දෙනා කටයුතු කළ යුතු වෙනවා.

සමහර තැන්වල වී ගබඩා විවෘත කර තිබෙනවා. දිසාපතිවරුන්ට අවශ්‍ය මුදල් ලබාදී තිබෙනවා. මහවාරිමාර්ග කලාප ආශ්‍රිතව වී වේලාගැනීමට කමත සකස් කරදීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ධීවර අංශය ගැන කතා කළොත්, මුහුදු සීමා උල්ලංඝණය කිරීම ගැන නිතර අසන්න ලැබෙනවා. දැනටමත් මාලදිවයිනේ අත් අඩංගුවේ තිබෙන ධීවර බෝට්ටු 04 මුදවා ගැනීමට කටයුතු කරනවා.

වාරි අංශයේ දී, යාං ඔය ව්‍යාපෘතියේ සියයට 75%ක වැඩ අවසන්, ඉදිරි යල් කන්නය සඳහා ජලය ලබාදීමට  ජනාධිපතිතුමා අතින් විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉඩම් අහිමි වූ ගොවි ජනතාවට හිමි වන්දි ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. මෙවර එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ස්වයං රැකියා හා අනෙකුත් කටයුතු සඳහා සහන රාශියක් ලබාදීමට කටයුතු කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News