ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර විශාලතම ද්විපාර්ශවික ආරක්ෂක අභ්‍යාසය අද ඇරඹේ

Share

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර විශාලතම ද්විපාර්ශවික ආරක්ෂක අභ්‍යාසය අද(23) ආරම්භ වීමට නියමිතයි.

එම ආරක්ෂක අභ්‍යාසය අද සිට 29 වනදා දක්වා මෙරටදී පැවැත්වෙයි.

මේ සඳහා ඔස්ට්‍රේලියාවේ නාවික හමුදාවේ නිලධාරීන් දහසකට අධික පිරිසක් සහභාගි වීමට නියමිත අතර ඔස්ට්‍රේලියාවේ නෞකා 4ක්ද මෙම ආරක්ෂක අභ්‍යාස සඳහා යොදා ගනු ඇති බවට සඳහන් වෙයි.

මෙය ඉන්දු – පැසිෆික් ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක අතර ශ්‍රී ලංකාව එහි පළමු නැවතුම්පොළ බවට පත්වන බව සඳහන් වෙයි.

මේ සඳහා මැලේසියාව, තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව සහ සිංගප්පූරුව යන රටවල් ද එක්වනු ඇත.

Read more

Local News