කසළ එක් රැස් කරන ස්ථානයක ගින්නක්

Share

කුරුණෑගල පොලිස් වසමේ සුන්දරාපොල ප්‍රදේශයේ පිහිටි නගර සභාව විසින් කසළ එක් රැස් කරන ස්ථානයක හදිසි ගින්නක් හටගෙන තිබෙන බවට වාර්තා වෙයි.

ඊයේ (22) රාත්‍රියේදී ඇති වු ගින්න කුරුණෑගල නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සේවකයින් හා ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ගින්න මැඩ පවත්වා තිබේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැති අතර ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

Read more

Local News