රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ රාශියක් ක්‍රියාත්මක කරනවා

Share

රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ රාශියක් ක්‍රියාත්මක කරමින් සිටින බව අමාත්‍ය මංගල සමරවීර මහතා සිය මංගල අයවැය කතාව කරමින් අද (9) පාර්ලිමේන්තුවේ දී මේ බව කීය.

අයවැය ඉදිරිපත් කිරීමට ලැබීම මා ලද භාග්‍යයක්. අපේ යහපාලන ජාතික ආණඩුවේ සිව්වන වසර සඳහා අයවැයයි. එදා ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදනය අනුව ජපානයට පමණයි දෙවැනි වුණේ. අප දේශපාලන මතවාදී ලෙස කුලල් කා ගත්තා.

දරුණු යුද්ධයකට මුහුණ දෙන්න සිදු වුණා. විවිධත්වය ගරු කරන අලුත් ශ්‍රී ලංකාවක් කරා යාමට මඟ පැදී තිබුණා.

ඉතිහාසයට වඩා අනාගතය හදන එක වටිනවා. සියලු බාධක මැද අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාදිපතිධූරයට පත් වුණා. මීතොටමුල්ල කුණු කන්දට වඩා ණය කන්දක් සහිත රටක් බවට පත් වී තිබුණා. නවෝත්පාදන සාමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනැගීමටත් සමානාත්මතාව තුළින් ආර්ථිකය ශක්තිමත් කිරීම ආරම්භ කර තිබෙනවා. අපට මුහුණ දීමට සිදු වූ ගැටළුව වුණේ පහළ යැමට ලක් වූ රාජ්‍ය අදායම හා ණය බරතාවයයි. නියඟය, ගංවතුර, නායයෑම් වැනි අභියෝගවලට ද මුහුණ දුන්නා. අපේ ආර්ථික ප්‍රතිපත්තිවල සාධණීය තත්ත්වයක් පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාව පිළිබඳව නැතිව තිබූ විශ්වාසය නැවත ගොඩනැඟුණා.

Read more

Local News