විදුලිය විසන්ධි කරන්න කාලසටහනක් අද සිට

Share

විදුලි විසන්ධි කිරීම් පිළිබඳව අද(25) දිනයේ සිට කාලසටහනක් ප්‍රකාශයට පත් කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.

ජල පෝෂක ප්‍රදේශවලට පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි උත්පාදනය සීමාවීම මෙන්ම පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි ඉල්ලුම ඉහළ යාම මෙලෙස විදුලි කප්පාදු කිරීමට හේතු වී ඇති බව විදුලි ඉංජිනේරුවරුන් සඳහන් කළේය.

පවතින විදුලි අර්බුදයට අද සිට දෛනිකව විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳ කාල සටහනක් හදුන්වාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව දහවල් කාලයේ පැය 03ක් සහ රාත්‍රී කාලයේ පැයක් ලෙස දිනකට අවස්ථා දෙකක් සෑම ප්‍රදේශයකටම විදුලි සැපයුම අත්හිටුවනු ඇත.

පෙරවරු 8.30 සිට පෙරවරු 11.30 දක්වා පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා හෝ පස්වරු 2.30 සිට පස්වරු 5.30 දක්වා දහවල් කාලයේ විදුලිසැපයුම අත්හිටුවීමට නියමිතව තිබේ.

රාත්‍රී කාලයේදී සවස 6.30 සිට රාත්‍රී 7.30 දක්වා රාත්‍රී 7.30 සිට රාත්‍රී 8.30 දක්වා හෝ රාත්‍රී 8.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලි සැපයුම අත්හිටුවීමට නියමිතයි.

Read more

Local News