නාමල්ට ඇති වූ සැකය මෙන්න

Share

හම්බන්තොට ඉදිකිරීමට යෝජිත ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන ව්‍යාපෘතිය පිටුපස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිටින්නේ දැයි සැකයක් මතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියි.

සිංගප්පූරු රජය හා ජනාධිපතිවරයා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳව සිදුකරනු ලබන ප්‍රකාශන පරස්පර විරෝධී බවත් නමුත් තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සිංගප්පූරු සමාගමක් විසින් සිදු කිරීම තුළින් ව්‍යාපෘතිය පිටුපස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිටින්නේ දැයි සැකයක් මතුව ඇතැයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

හඟුරන්කෙත පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News