දිවයින පුරා රෝහල්වල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්

Share

අද (26) පෙරවරුවේ සිට දිවයින පුරා රෝහල්වල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

එම සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවයි.

ළමා රෝහල, කාසල් රෝහල, ද සොයිසා කාන්තා රෝහළ, මහරගම අපේක්ෂා රෝහල සහ විශේෂිත ඒකකවල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේය.

Read more

Local News