මහජනතාවට කාසී නිකුත් කිරීම සඳහා විශේෂ කවුළුවක්

Share

මහජනතාවට කාසී නිකුත් කිරීම සඳහා විශේෂ කවුළුවක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

කොළඹ ජනාධිපති මාවතේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ බිම් මහලේ මෙම කවුළුව ස්ථාපිත කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

හෙට(27) දිනයේ සිට විවෘත වන මෙම කාසී නිකුත් කිරීමේ කවුළුව රජයේ සහ බැංකු නිවාඩු දිනවල හැර සෑම සතියකම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල දී පමණක් පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා විවෘත කර තැබීමට නියමිතයි.

එක් අයෙක් සඳහා එක් වරකට නිකුත් කරන අවම කාසී ප්‍රමාණය එක් මුහුණත වටිනාකමකින් කාසී සියයක පැකට් එකක් වන අතර රුපියල රුපියල් දෙක රුපියල් පහ සහ රුපියල් දහය යන ඕනෑම වටිනාකමකින් යුත් කාසී සියය බැගින් වන පැකට් රුපියල් 20,000ක උපරිම වටිනාකමකට යටත්ව මෙම කවුළුව මඟින් ලබාගත හැකි වෙයි.

කාසී තොග වශයෙන් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයින්ට සහ ආයතනවලට සිය කාසී අවශ්‍යතාවන් පිළිබදව ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරිය වෙත ඉල්ලුම්පත්‍රයක් රාජකාරී දින දෙකකට පෙර යොමුකිරීමෙන් කාසී ලබාගැනීමේ පහසුකම සලසා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

Read more

Local News