පාසල් සිසුන් විරෝධතාවලට යොදා ගැනීම ගැන වාර්තාවක් ඉල්ලයි අධ්‍යාපන අැමති

Share

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිළධාරීන්ට උපදෙස් දී ඇත්තේ විවිධ පාර්ශවයන් විසින් පාසල් දරුවන් නීති විරෝධි ආකාරයෙන් විරෝධතා පෙළපාලිවලට සහභාගී කරවාගෙන ඇති බවට ලැබී ඇති පැමිණීලි අනුව මේ පිළිබඳව කරුණු සොයා බලා වහාම වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසයි.

පාසල් දරුවන් පාසල් කාලය තුළ දී මෙවැනි විරෝධතා හා රැස්වීම්වලට සහභාගීවීම වළක්වාලමින් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මේ වන විටත් චක්‍රලේඛනයක් නිකුත් කොට ඇත. එසේ තිබියදී පසුගියදා ප්‍රදේශ කිහිපයක පැවැති විරෝධතා හා පෙළපාලිවලට පාසල් දරුවන් සහභාගී කරවාගෙන ඇති බවට ජනතාව අමාත්‍යාංශයට පැමිණිලි කොට තිබුණි.

Read more

Local News