විමල්ගේ නඩුව කල් යයි

Share

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස උපයාගත් බවට චෝදනාවන්ට කරමින් හිටපු අමාත්‍ය හා ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව ජුලි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳී මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී විත්ති පාර්ශවයේ නීතිඥවරු කළ ඉල්ලීමක් පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවේ පරිගණක සාක්ෂි වශයෙන් නම්කර තිබෙන ආයතන අටක පවතින පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා විත්ති පාර්ශ්වයට අවසර ලබාදෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.

මෙම කටයුතුවල ප්‍රගතිය සලකා බැලීම සඳහා නඩුව නැවත ජුලි මස 29 වනදා කැඳවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

2010 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2014-12-31 දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීතියානුකූල ආදායම අභිභවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් නීති විරෝධී ලෙස උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Read more

Local News