භික්ෂු සමාජය ගැන ජනපති කියන දේ මෙන්න

Share

ශ්‍රී ලාංකීය භික්ෂු සමාජය පිළිබද වැරදි ආකල්පයක් ඇති නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මහර රංවල ශ්‍රී සුමනකීර්ති පිරිවෙනෙහි ඊයේ (26) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මහර රංවල ශ්‍රී සුමනකීර්ති පිරිවෙනෙහි විහාරාධිපති පූජ්‍ය ඌරුවෙල විනීත නායක ස්වාමීන්වහන්සේගේ ආරාධනයෙන් ඊයේ පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශීර්වාද ලබා ගත්තේය.

අනතුරුව ජනාධිපතිවරයා පිරිවෙනෙහි අභිනව දාන ශාලාව සග සතුකොට පූජා කිරීමේ අවස්ථාවට එක් වු අතර පසුව නව රැස්වීම් ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක් විය.

Read more

Local News