උත්සව සමය නිසා වැල්ලවායේ වෙළඳසැල් විශේෂ පරික්ෂාවකට

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැල්ලවාය නගරයේ ඇතුළුව අවට පවතින වෙළඳසැල් අද(27) දින විශේෂ පරික්ෂාවකට ලක් කර තිබේ.

මොණරාගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම මෙහෙයුම සිදු කළ අතර එහිදී සිල්ලර වෙළඳසැල්, හෝටල්, තොග වෙලදසැල් සහ සියලුම ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන පරීක්ෂාවට ලක් කෙරිණි.

එහිදී අපිරිසිදු ආහාර අලෙවි කළ සහ කල් ඉකුත් වූ අහාර අලෙවි කල මෙන්ම පරිභෝජනයට නොසුදුසු ආහාර අලෙවි කල පුද්ගලයන් 20කට නඩු පවරා ඇත.

ඊට අමතරව වෙළඳසැල් කිහිපයක තිබූ අපිරිසිදු ආහර ද්‍රව්‍ය විනාශ කර ඇති තවත් වෙලදසැල් රැසකට දැඩිලෙස අවවාද කර තිබේ.

අධිකරණය හමුවේ නඩු පැවරූ පුද්ගලයන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම මෙහෙයුම වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මගපෙන්වීම යටතේ සිදු විය.

Read more

Local News