ගිනිගත්හේන නගරයේ අපවිත්‍ර ජලය බැහර කළ වෙළඳුන් රැසක් නිතියේ රැහැනට

Share

ගිනිගත්හේන නගරයේ මාර්ගය දෙපස වැසි ජලය ගලා බසිනා කාණු පද්ධතියට වෙළඳසැල්වල අපවිත්‍ර ජලය බැහැර කල වෙළඳුන් රැසකට එරෙහිව නිතිමය පියවර ගන්නා බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසිය.

නගර හරහා වැසි ජලය ගලා බසිනා කාණු පද්ධතිය තුල දැඩි දුගන්ධයක් සහ එ තුලින් විශාල වශයෙන් මදුරුවන් බෝවන බවට ප්‍රදේශවාසින් විසින් අඹගමුව ප්‍රාදේශිය සභාවට කරන ලද පැමිණිල්ලක් මත අඹගමුව ප්‍රාදේශිය සභාවේ සෞඛ්‍ය අංශ විසින් අද(27) නගරය හරහා කැළණි ගඟට සහ මහවැලි ගගට ගිනිගත්හේන නගර හරහා වැසි ජලය ගලා බසිනා කාණු පද්ධතිය කොන්ක්‍රිට් ආවරණය ගලවා පරික්ෂා කරනු ලැබීය.

මෙම පරික්ෂාවේදි වැසි ජලය ගල බසිනා කාණු පද්ධතියට ගිනිගත්හේන නගරයේ ඇතැම් ආපන ශාලා සහ වෙළඳසැල්වලින් ඉතා සුක්ෂම ලෙස බට යොදා ගනිමින් ප්‍රධාන කාණු පද්ධතියට වැසි ජලයට අමතරව  අපවිත්‍ර ජලය බැහර කරන බවට තහවුරු විය.

අපවිත්‍ර ජලය කාණු පද්ධතියට මුදා හැරි වෙළඳසැල්වල බට නල ගලවා ඉවත් කිරිමට අඹගමුව ප්‍රාදේශිය සභාවේ සෞඛ්‍යය අංශ සේවකයින් විසින් කටයුතු කල අතර, එසේ අපවිත්‍ර ජලය ප්‍රධාන කාණු පද්ධතියට බැහර කල වෙළඳුන් රැසකට එරෙහිව අධිකරණය හමුවේ නිතිමය පියවර ගැනිමට අඹගමුව ප්‍රාදේශිය සභාව මගින් කටයුතු කරනු ලැබුවේය.

Read more

Local News