ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් නොකරන බව ජනපති කියයි

Share

ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවෙකු පවසන අන්දමට රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදුකිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කළුතර, මීගහතැන්න ප‍්‍රදේශයේ පැවති උත්සවයකට අද(27) පෙරවරුවේ එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිතුමා,

උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ආරක්ෂක අංශ විසින් භාවිත කරන ලද ඉඩම් එම ජනතාව වෙත නැවත නිදහස් කිරීම සිදුවී නොමැති බවටත්, ඒ සඳහා කොමිසමක් පත්කළ යුතු බවටත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය කර ඇති යෝජනාව රාජ්‍ය නොවන සංවිධාන විසින් ලබා දී ඇති වැරදි තොරතුරු පදනම් කරගෙන සිදුකරන ලද්දක් බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එලෙස කොමිෂන් සභාවක් පත්කිරීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බවද සඳහන් කළේය.

මානව හිමිකම් කොමිසම නිකුත් කරන ප‍්‍රකාශවල ඇති හරි දේ පිළිගත්ත ද, එහි තිබෙන වැරදි කරුණු පිළිගැනීමට රජය කිසිසේත් සුදානම් නොමැති බව ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

Read more

Local News