පෙනහළු බද්ධය ඉක්මනින් ආරම්භ කරන බව රාජිත කියයි

Share

ශ්‍රී ලංකාව තුළ පෙනහළු බද්ධය ඉතා ඉක්මනින් ආරම්භ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයවැය කාරක සභා  අවස්ථාවේදී සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශ වැය ශිර්ෂයේ අදහස් දක්වමින් ඊයේ (27) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පැවසිය.

එමෙන්ම ඉදිරි මාස කිහිපය තුළ තවත් ඖෂධ 27 ක මිල අඩු කරන බවද පැවසු අමාත්‍යවරයා අවයව බද්ධ කිරීම සම්බන්ධයෙන්ද පැවසීය.

“ඉපදීමෙන්ම බිහිරි දරැවන් වෙනුවෙන් ශල්‍යකර්ම කරන්න අපි කටයුතු කළා. මේ වනවිට එම ශල්‍යකර්ම 877 ක් සිදුකර තිබෙනවා. අපි මේ වනවිට අවයව බද්ධය ලංකාවේ ආරම්භ කර තිබෙනවා. වකුගඩු බද්ධය පමණයි ලංකාවේ සිදු කලේ එයත් සුළු ප්‍රමාණයක්.

පසුගිය වසරේ වකුගඩු 400 වඩා බද්ධ කර තිබෙනවා. අක්මා බද්ධය ආරම්භ කළා. ජාතික රෝහලේ , උතුරු කොළඹ සහ මහනුවර එය සිදු කරනවා. අක්මා බද්ධ 100 වැඩි ප්‍රමාණයක් කර තිබෙනවා. අග්‍යනාශ බද්ධය සිදු කිරිම අනුරාධපුර රෝහලෙන් ආරම්භ කළා. ඒ වගේම අත් බද්ධය, පාද බද්ධය සිදු කළා. හෘද්‍ය බද්ධය ආරම්භ කළා. එයත් සාර්ථකයි.

ලංකාවේ පළමු පෙනහළු බද්ධය  අපි ආරම්භ කර‍නවා. ඒ අනුව සියලුම අවයව බද්ධ කිරීම් සාර්ථකව කරගෙන පුළුවන්” බව ඔහු පැවසිය.

Read more

Local News