හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 13ක් මරුට

Share

කසකස්ථානයේ හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

උස්බෙකිස්ථාන දේශ සීමාව ආසන්න ප්‍රදේශයේදී හමුදා පුහුණුවක් අතරතුර මෙම යානය කඩා වැටී ඇත.

එහි සිටි සියලු හමුදා සාමාජිකයින් අනතුරින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකෙරේ.

Read more

Local News