අදත් වැස්ස නෑ

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට සුළු හැකියාවක් පවතී.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං බටහිර සිට නිරිත දක්වා දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී.15-30 පමණ වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල සුළං ගිනිකොණ දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 10-20 පමණ වන බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News