ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් – AI ආයෝජන යළි ශක්තිමත් වෙයි

Share

Nvidia සමාගමේ Jensen Huang යළි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත් කිරීමත් සමඟ කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රය පිළිබඳ ආයෝජක විශ්වාසය ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ (23) ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා වූ අතර S&P 500 දර්ශකය 4.73%කින් ද, Nasdaq Composite දර්ශකය 6.51%කින් ද, Dow Jones දර්ශකය 3.01%කින් ද ඉහළ ගොස් ඇත.

එමෙන්ම Tesla, Alphabet සහ Meta Platforms ඇතුළු ප්‍රධාන තාක්ෂණික සමාගම්වල කොටස් මිල ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. මෙම වර්ධනයත් සමඟ පසුගිය සති කිහිපයේ පැවති AI ආයෝජන අවිනිශ්චිතතාව සමනය වී ආයෝජක විශ්වාසය යළි ශක්තිමත් වී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Read more

Local News