17 වන චීන-යුරෝපා සංගම් මූල්‍ය සංවාදය ඊයේ(23) බෙයිජිං හිදී පැවැත්විණ. මෙම රැස්වීමේදී සාර්ව ආර්ථික තත්ත්වය හා ප්‍රතිපත්ති සහ G20 රාමුව යටතේ චීනය සහ යුරෝපා සංගමය අතර බහුපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ ගැඹුරු ලෙස සාකච්ඡා කර ඇත.
වත්මන් තත්ත්වයන් යටතේ, චීනය සහ යුරෝපා සංගමය එක්ව සැබෑ බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කළ යුතු බවත්, ලෝක ආර්ථිකයේ ස්ථාවරත්වයට සහ නිශ්චිතභාවයට සහාය පළ කළ යුතු බවත් චීනය ප්‍රකාශ කළේය. චීනය යුරෝපා සංගමය සමඟ අන්‍යෝන්‍ය විවෘතභාවය පුළුල් කිරීමට සහ සහයෝගීතාවය ශක්තිමත් කිරීමට කැමැත්තෙන් සිටී. යුරෝපා සංගමය වෙළඳපළ ආර්ථිකයේ සහ සාධාරණ තරගකාරිත්වයේ මූලධර්මවලට ගරු කරන අතර චීන ව්‍යවසායන් සඳහා සාධාරණ, යුක්තිසහගත සහ වෙනස්කම්වලින් තොර ව්‍යාපාරික පරිසරයක් සපයනු ඇතැයි චීනය අපේක්ෂා පළ කර ඇත.
යුරෝපා සංගමය ප්‍රකාශ කළේ, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ගැඹුරු කිරීමට සහ මූල්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයටම යුරෝපා-චීන මූල්‍ය සංවාදය වැදගත් වේදිකාවක් බවයි. අන්‍යෝන්‍ය ගෞරවය සහ විවෘතභාවය මත පදනම්ව චීනය සමඟ සමාන හා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවයක් පවත්වා ගැනීමට, ගැටලු නිසි ලෙස විසඳීමට සහ යුරෝපා-චීන ආර්ථිකයේ තුලනය නැවත ප්‍රවර්ධනය කිරීමට යුරෝපා සංගමය කැමැත්තෙන් සිටින බව ද එහිදී සඳහන් වී ඇත.
Share
Read more



