ග්වාතමාලාවේ අනතුරකින් 18ක් මරුට

Share

බටහිර ග්වාතමාලාවේ දී පිරිසක් වෙතට ට්‍රක් රථයක් කඩා වැදී සිදු වු අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරට මුහුණ පා ඇත්තේ මෝටර් රථයක ගැටී අනතුරට පත් වූ පුද්ගලයෙකුගේ සහයට පැමිණ මාර්ගයේ රැඳී සිටි පිරිසක් බවටයි සඳහන් වන්නේ.

තුවාල ලැබූ පිරිස් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ඒ අතුරින් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මෙය මෑතකාලයේදී ග්වාතමාලාවේ වාර්තා වූ දරුණුතම රථ වාහන අනතුරු වලින් එකක් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Read more

Local News