උතුරු පළාත් බොදු සමුළුව ඇරඹේ – ඡායාරූප

Share

උතුරු පළාත් බොදු සමුළුව අද(29) වවුනියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයේදී උත්සවාකාරයෙන් ඇරඹිණි.

උතුරු පළාත ඇතුළු දිවයිනේ විවිධ පළාත් වල සිට වැඩම කළ විහාරාධිපති ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්ත්වයෙන් උතුරු පළාත් බොදු සමුළුව ඇරඹුනේ පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්ත්වයෙනි.

මෙම සමුළුව අද දින උදෑසන 8.15 ට ආරම්භ කෙරුණු අතර උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක වවුනියාව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ මූලිකත්ත්වයෙන් මෙම බොදු සමුළු පැවැත්වේ.

ඉතිහාසයේ පළමු වතාවට පවත්වනු ලබන උතුරු පළාත් බොදු සමුළුව උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ සංකල්පයක් මත සිදු කරනු ලබයි.

මෙම බොදු සමුළුව ආණ්ඩුකාර කාර්යාලයේ මෙහෙයවීමෙන්, බුද්ධශාසන අමාත්‍යාංශයේ, ප්‍රදේශයේ දේශපාලන නායකයින්ගේ, ත්‍රිවිධ හමුදාවේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඇතිව සිදු කරනු ලබයි.

Read more

Local News