කොට්ටාව-මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අනිද්දා ජනතා අයිතියට

Share

ශ්‍රි ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය නංවාලිම සඳහා නවින ක්‍රමවේදයන් භාවිතා කරමින් කොට්ටාව-මාකුඹුර ප්‍රදේශයේ රුපියල් මිලියන 2000ක වියදමින් ඉදිකරන ලද බහුවිධ ප්‍රවාහන මධ්‍ය ස්ථානය මාර්තු 31 දා ප.ව 3.30 ‍ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුනගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ‍.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ සංකල්පයක් අනුව ජාත්‍යන්තර ප්‍රමිතියට ඉදිකොට ඇති මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මඟින්, දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ කොළඔ දෙසට පැමිණෙන බස් රථ හා මෝටර් රථ මෙම මධ්‍යස්ථානය නවතා එහි සිට දුම්රිය හෝබස් රථ භාවිතා කරමින් තම ප්‍රවාහන අවශ්‍යතා ඉටු කරගැනිමට මගින්ට අවස්ථාව සලසා දි ඇත.

බස් රථ හා දුම්රිය පර්යන්ත දෙකකින් හා රථවාහන ගාල් කිරීමේ පහසුකම්ද සහිත මෙම මධ්‍යස්ථානයෙන් අරතර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත් වෙන් කර ගැනීම සිද කළ හැක. දුම්රියේ සහ බස් රථයේ එකම ප්‍ර වේශපත‍යකින් දුම්රියේ හා බස්රියේ ගමන් කළ හැකි වීම ස්වයං ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ පහසුකම්, ආපනශාලා හා බිල් පත් ගෙවීමේ පහසුකම්ද මෙම මධ්‍යස්ථානයේ සිදු කළ හැක.

ඉදිරියේදී පිටකොටුව, බත්තරමුල්ල, මහනුවර, කඩවත, කටුනායක, දහ අටේ කණුව ආදී ප්‍රදේශ වලද මෙවැනිම බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු යොදා ඇතැයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා මාකුඹුර බහු විධ ප්‍රවාහන මධ්‍්‍යස්ථානයේ අද(29) සිදු කළ නිරීක්ෂණ චාරිකාවේන් පසු මාධ්‍යවේදීන් අමතා පැවසීය.

Read more

Local News