මොසැම්බික් රාජ්‍යයේ තැන් කිහිපයකින් කොළරා රෝගීන්

Share

මොසැම්බික් රාජ්‍යයේ ස්ථාන රැසකින් කොළරා වසංගතය වාර්තා වී ඇති අතර කොළරා රෝගීන් පිළිබඳ සිදුවීම් 100කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි එරට විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

කොළරා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන්නේ බෙයිරා නගරය කේන්ද්‍රකරගෙනය.

පසුගියදා එරටට බලපෑ අයිඩායි සුළි කුණාටුව හේතුවෙන් විපතට පත්ව අවතැන් කඳවුරුවල වෙසෙන පිරිස් මෙම රෝගයට වැඩි වශයෙන් ගොදුරු වී තිබෙන බවටයි වාර්තා වන්නේ.

පවතින තත්ත්වය සලකා බලා එහි වෙසෙන ලක්ෂ 8ක පිරිසක් සඳහා එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කිරීමට සූදානම්ව පවතින අතර එය ලබන සතියේදී පැවැත්වීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News