රත්මලානේ අංජුගේ සහායකයෙකු ඇතුලු තුනක් අත්අඩංගුවට

Share

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික “රත්මලානේ අංජු” නැමැත්තාගේ සහායකයෙකු ඇතුලු පුද්ගලයින් තිදෙනෙකු රත්මලාන කොතලාවලපුර ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇත.

ඒවායේ වටිනාකම ලක්ෂ දහයක් පමණ වන බවයි වාර්තා වන්නේ.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත බාර දී තිබේ.

Read more

Local News