රුවන්පුර පිටවින් වතුයායේ හටගත් ගින්නකින් අක්කර 10ක් ගිනි ගනී

Share

හැටන් රුවන්පුර පිටවින් වතුයායේ ඉඩමක හටගත් ගින්නකින් අක්කර 10 පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.

ඊයේ (30) පස්වරු 3 ට පමණ හටගත් ගින්න එම ඉඩමටම යාබදව පිහිටි රුවන්පුර රක්ෂිතයට පැතිර යමින් පැවති නිසා එම වතුයායේ වතු කම්කරුවන් එක් වි දැඩි පරිශ්‍රමයක් දරා පැතිර යමින් තිබු ගින්න පාලනය කිරිමට සමත් විය.

ඉලුක් සහ යුකෙලෙප්ස්ටික් වන වගාවක් සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බවයි එම වතු පාලන අධිකාරිය පවසන්නේ.

ගිනි ගැනිමට ගත් වු ඉඩමේ සිට ජල මුලාශ ගණනාවක් පහලට ගල බසින අතර ගින්න හේතුවෙන් එම ජල මුලාශද සිදි යාමේ අවධාමට ලක් වි ඇත.

Read more

Local News