වත්මන් ආණ්ඩුව දේශපාලනික පළිගැනීම් කරන බව මහින්ද කියයි

Share

දේශපාලනික පළිගැනීම් සඳහා ගනු ලබන තීන්දු මිස රටේ සංවර්ධනය පිණිස තීන්දු ගැනීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

අද පවතින්නේ අස්ථාවර ආණ්ඩුවක් බවත්, ඒ හේතුව මත රටේ සංවර්ධනය වෙනුවෙන් කිසිදු තීරණයක් ගැනීමට රජය අපහසු වි ඇති බවත් ඒ මහතා සඳහන් කර සිටියි.

මාළිගාවත්තා කාල්ටන් පෙර පාසලේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News