වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් 56,017 දෙනෙකු පීඩාවට

Share

දිවයිනට බලපා ඇති වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 56,017 දෙනෙකු පීඩාවට පත්ව ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික් කිහිපයකට බලපෑ වියළි කාලගුණය තවදුරටත් බලපැවැත්වෙනු ඇති බවය.

කෑගල්ල, පුත්තලම, වව්නියාව, යාපනය, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක ඇතුළු ප්‍රදේශ කිහිපයකට මේ වනවිට පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයකි.

විදුලි බලාගාර ආශ්‍රිත කඳුකර ප්‍රදේශ වලට වැසි නොලැබීම හේතුවෙන් මේවන විට විදුලි ජනනයට දැඩි බලපෑම් එල්ල වී ඇත.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ පානීය ජල හිඟයක් ඇති ප්‍රදේශවලට ජලය සැපයීම සඳහා ජල බවුසර යොදවා ඇති බවය.

කෙසේ වෙතත් අද පස්වරු 2න් පසුව සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියේය.

Read more

Local News