වැය ශීර්ෂ පරාද ආයතනයන්ට වැටුප් හා දීමනා ලබාදීම ගැටළුවක් – වජිර

Share

පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල වැය ශීර්ෂ පරාජය වීම හේතුවෙන් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සඳහා එම ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා ලබාදීම ගැටළුවක් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසා සිටියි.

මෙම ආයතන වැය ශිර්ෂ පරාජය කිරිමට නායකත්වය දුන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ යටතේම ඇති ආයතන බවත් ඔවුන්ගේම ආයතන ඔවුන් විසින්ම පරාජය කිරීම පුදුමයට කරුණක් වන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

අද (31) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News