ස්ලෝවැකියාවේ ප්‍රථම ජනපතිනිය සූසානා කැපුටෝවා

34

ස්ලෝවැකියාවේ ජනාධිපතිවරණයෙන් ජයගැනීමට දූෂණ විරෝධී අපේක්ෂිකා සූසානා කැපුටෝවා සමත්ව ඇත.

ඒ එරට පළමු ජනාධිපතිවරිය බවට පත්වෙමිනි.

සූසානා කැපුටෝවා ස්ලෝවැකියාවේ පළමු ජනාධිපතිවරිය ලෙස දිවුරුම් දී ඇත.

මේ වන විට ඇය පසුවන්නේ හතළිස් පස් හැවිරිදි වියේය.

ඉතා අවම දේශපාලන අත්දැකීම් සහිත ඇය ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පරාජය පත්කරමින් එරට ජනපති ධුරය සඳහා තේරී පත්ව තිබීමත් විශේෂත්වයකි.

එමෙන්ම ඇය නියෝජනය කරන ස්ලෝවැකියා ප්‍රගතිශීලී පක්ෂයට එරට පාර්ලිමේන්තුවේ කිසිදු අසුනක් හිමි නොවීම තවත් විශේෂත්වයකි.

2018 වර්ෂයේදී එරට මාධ්‍යවේදියෙකු ඝාතනය කිරීමේ සිදුවීම තමාට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ප්‍රබල හේතුවක් වූ බව කැපුටෝවා පවසා සිටියි.

එමෙන්ම මෙම ජනපතිවරණය යහපත සහ නපුර අතර සටනක් බවත් ඇය පවසා තිබුණි.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට අනුව සූසානා සියයට පනස් අටක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර ඇයගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ලබාගෙන තිබුණේ සියයට හතළිස් දෙකක ඡන්ද ප්‍රතිශතයක් පමණකි.