ලෝක මිහිකත හෝරාව මෙන්න

Share

ලොව සුප්‍රසිද්ධ නගර සහ ස්ථාන රැසක් අඳුරු කරමින් ලෝක මිහිකත හෝරාව සමරනු ලැබුවේය.

ඒ ඊයේ (30) දිනයේදී ය.

ලෝක පරිසර අරමුදලේ සංකල්පයකට අනුව 2007 වර්ෂයේ සිට ලෝක මිහිකත පැය සමරනු ලබයි.

දේශගුණික විපර්යාස අවම කිරීම කෙරේ අවධානය යොමු කරගැනීම එහි අරමුණය.

එම සැමරුමට ලොව පුරා රටවල් 180ක් පමණ එක්වන බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ වසරට යෙදී තිබෙන 13වන ලෝක මිහිකත පැය සැමරුම සඳහා ලොව පුරා පිහිටි සුප්‍රසිද්ධ ස්ථාන 200ක් පමණ අඳුරේ ගිල්වනු ලැබුවේය.

පැරීසියේ අයිෆල් කුළුණ, නිව්යෝක් හි එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල, සිඩ්නි නගරයේ ඔපෙරා රඟහල ඒ අතරින් විශේෂය.

මීට අමතරව ඉන්දියාව, ග්‍රීසිය, පිලිපීනය, ජර්මනිය ඇතුළු රටවල් රැසක්ද මිහිකත පැය සනිටුහන් කරමින් නගර රැසක් අඳුරු කරනු ලැබුවේය.

Read more

Local News