කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

Share

පිළියන්දල පොලිස් වසමේ කහපොළ පාර, මඩපාත ප්‍රදේශයේ දී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් එකකයේ නිලධාරීන් ලද තාෙරතුරක් මත කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මිරිහාන පාෙලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

මෙම සැකකරු සොරාගන්නා ලද යතුරුපැදියකින් ගොස් පිහි පෙන්වා මරණ තර්ජනය කර කාන්තාවන්ගේ රන් භාණ්ඩ කොල්ලකෑම් කිහිපයක් සිදු කර තිබේ.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේ දි පිළියන්දල පොලිස් වසමේ දී මෙවැනි ආකාරයට කාන්තාවන් බිය ගන්වා රන්මාල කාෙල්ලකෑමේ සිද්ධීන් 4ක්, මොරටුව පොලිස් වසමේදී රන්මාල කාෙල්ලකෑමේ සිද්ධීයක් හා මොරටුමුල්ල පොලිස් වසමේදී යතුරුපැදි සොරකමක් සම්බන්ධව කරුණු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වු බටුවන්දර, මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද(01) දින ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මිරිහාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News