අනවසරෙන් බුරුත ගස් කැපු 4කට වැඩ වරදී

Share

මුලතිව් අඩවි වන කාර්යයාලය යටතේ පාලනය මුලතිව් අන්දන්කුලම් රක්ෂිතයේ අනවසරෙන් බුරුත ගස් කැපු ජාවාරම්කරුවන් සිව්දෙනෙක් ඊයේ(31) සැකපිට අත්අඩංගුවට ගත් බව මුලතිව් අඩවි වන නිලධාරි රුවන් ගලප්පත්ති මහතා පැවසිය.

මෙම ජාවාරම්කරුවන් සිව්දෙනා අන්දන්කුලම් රක්ෂිතයේ කාලයක් තිස්සේ බුරුත ගස් කපා ඉතා රහසිගතව යාපනය දක්වා ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත මුලතිව් අඩවි වන කාර්යයාලයේ නිලධාරින් මෙම වැටලිම සිදු කර ඇත.

මෙම වැටලිමේදි ලොරි රථයක නංවා ප්‍රවාහනය කිරිමට සුදානම් කර තිබු රු. ලක්ෂයක් පමණ වටිනා බුරුත කඳන් තොගයක්, ලොරි රථයක්, යතුරුපැදි තුනක්, ජංගම දුරකථන කිහිපයක් සහ දැව කඳන් කැපිටම උපයෝගි කර ගත් උපකරණ කිහිපයක්ද අත්අඩංගුවට ගත් බවයි රුවන් ගලප්පත්ති මහතා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, ඔහුන් අද(01) මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව රුවන් ගලප්පත්ති මහතා පැවසිය.

Read more

Local News