කේරල ගංජා තොගයක් සමඟ 3ක් දැලේ

Share

කේරල ගංජා කිලෝග්‍රෑම් 13 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

කේරල ගංජා කිලෝග්‍රෑම් 12 ක් සමඟ යාපනය තිරුනෙල්වේලි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු හා කේරළ ගංජා කිලෝග්‍රෑමයක් සමඟ තවත් පුද්ගලයෙකු යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ඊයේ(31) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසූවේ.

මොවුන් යාපනය වැල්වැටිතුරෙයි හා අරියාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තිරුනෙල්වේලි පොලිසිය හා යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News