014 වසරේ ජනාධිපතිවරණ සමයේදී දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහන මිලට දීමට රජයේ වියදමින් ගෙන්වූ බීජ බඩඉරිඟු කිලෝග්‍රෑම් 36,000ක් නිලධාරීන්ට බලපෑම් කරමින් තම දේශපාලන හිතවතුන් අතර බෙදාහැරීම තුළින් “දූෂණය” නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ අධි චෝදනා පත්‍රය අද (ජූලි 2) කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේදී ඒ මහතාට භාර දී ඇති බවට වාර්තා වනවා. ඉන් අනතුරුව විත්තිකරු රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ විනිසුරුවරයා, මෙම නඩුව නැවත ජූලි මස 22 වනදා කැඳවීමට නියම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන වන්නේ.



