සා. පෙළ විභාගයේ සහතික පත්‍ර නිකුත් කිරීම අද සිට

Share

2018 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සහතික පත‍්‍ර නිකුත් කිරීම අද(01) සිට සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ, විදේශ රටවල භාවිතය සහ දේශීය භාවිතය සඳහායි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියාසිටියේ මෙම සහතික පත‍්‍ර එක්දින සේවාව යටතේ ලබාගත හැකි බවයි.

2018 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල ඉකුත් 28 වැනිදා නිකුත් කෙරුණා.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අපේ‍්‍රල් 12 වෙනිදාට පෙර අයදුම්පත් යොමු කරන්නැයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

Read more

Local News